2014/07/12

අද කාටුන් 24 - කතන්දරකාරයාගේ බ්ලොග් කට්ටෙහි අවසානය | End of an ERA !

කතන්දරකාරයා කියන්නේ අපි කව්රුත් දන්න අඳුනන පොරක්.

මිනිහා එයාගේ බ්ලොග් කට්ට අවසාන කරනවයි කියන නිළ නිවේදනය ඊයේ පෙරේදා දවසක කරලා තිබුනා. කතන්දරකාරයා ගැන එක එක්කෙනා එක එක දේවල් කියනවා. මම මේ කාටුන් එක ඇන්දේ මිනිහා බ්ලොග් ලෝකේ ගමන් කරද්දි හඳුනාගන්න ලැබුනු හොඳ යාලුවෙක්, හොඳ දිරිමත් කරන්නෙක්, හොඳ උපදේශකයෙක්, මුල් කාලෙදී වගේම විටින් විට මම ගැන කතන්දර බ්ලොග් එකේ ලිපිවල සඳහන් කරපු නිසා, මම ඇඳපු චිත්‍ර වලට වැඩියෙන් ම වස්තු විෂය වුනේ කතන්දරකාරයා නිසා, මගේ බ්ලොග් ලිපි කියවලා ප්‍රතිචාර දක්වපු නිසා හෝ මගේ බ්ලොග් එකට ඇදෙන රසිකයන්ගෙන් බොහෝ පිරිසක් කතන්දර බ්ලොග් එක හරහා එන හින්දා විතරක් නෙමෙයි!

අද කාටුන් එකෙන් මම ඇඳලා තියෙන්නේ කතන්දරගේ බ්ලොග් කට්ට අවසාන කිරීම ගැන මගේ අදහස සහ ප්‍රාර්ථනය!

කොහොම වුනත් කතන්දරකාරයා අපි කාටත් ලේසියෙන් කරන්න අමාරු දෙයක් කලා. ඒ වසර පහක් එක යුගයක් කරපු එක!!

සිතුවමක් තියෙද්දි වැඩි විස්තර කතා කරන්න ඕන නෑ. ඉතින් කතන්දරකාරයගේ ඉදිරි සැලසුම් සාර්ථක කරගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා!


මීට,
කෙහෙල්කොටුවේ වූටි මහත්තයා, ටිකිරි, යුරෝ දෙකේ වීරයා සහ විදෙස් සිත්තරා.

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...