2011/07/28

ගම් බිත්තරේ පාං බිත්තරේ සහ කින්ඩ බිත්තරේ

ගිය හය වෙනිදායින් පස්සෙ එක දිගට ගලාගෙන යන විදිහට දාන්න හිතාගෙන හිටපු යාලුවොන්ගෙ කතා එකපාරට නැවතුනා. ඔබා මාමා ප්‍රසිද්ධියෙම "ඒ මොකෝ" කියලා අහලා තිබ්බට තව ගොඩ දෙනෙක් අහලා තිබුනෙ ඊ මේල් වලින්.

"ඌගුල්ලන්ට කියන්න මෙයා මේල් එක ඕපන් කරන්න බැ එච්චරට මේල් "අනේ චුටි මහත්තයා මොකද කතා නැත්තෙ, අනේ චුටි මහත්තයා මොකද කතා නැත්තෙ" කියලා අහපු මේල් එක දාහක් විතර..., ලෝඩ් වෙන්ඩම පැය ගානක් යනවා අනේ......"

වෙන මොකවත් නෙමේ. මෙච්චර නිල් කැටේට ලියාගෙන ආපු කතා එකපාරට නැවතුනේ බිත්තර ගෙඩියක් හින්දා කියලා කිව්වොත් හා ඌගුල්ලං පිළිගන්නවද? නැනේ.....එහෙනං මේ පුංචි පෝස්ට් එක කියවන්ඩකො.

දන්නවනෙ සයිබර් යාය කරගෙන යන්නෙ හතර දෙනෙක් එක්කහු වෙලායි කියලා.

ඒ,

01. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා.
02. මම.
03. විදෙස් චිත්‍ර ශිල්පියා.
04. ටිකිරි.

01. කෙහෙල්කොටුවේ චූටි මහත්තයා කියන්න දන්නෙ, 1988 න් විතර පස්සෙ වෙච්ච කතා. ඒ කාලේ එයා ජීවත් වෙච්ච ගමේ ගොඩේ විස්තරයි, යාලුවන්ගෙ විස්තරයි තමා සයිබර් යායෙ එයා ලියන්නෙ. සයිබර් යාය කියලා බ්ලොග් එකක් තියෙනවා කියලා වැඩිපුර දෙනෙක් දැනගත්තෙත් ඒ කතා වලින් මං හිතන්නෙ.

02. මම නං වැඩි දෙයක් ලියන්නැ. මැදින් පැන පැන කුරුලු හමුදාවෙ විස්තරයි, ‘මගේ කතා‘ කියලා කැටගරියක් හදාගෛන එදිනෙදා වෙන දේවල් වල විශේෂ දෙයක් තිබුනොතින් ලියලා දානවා ඇරෙන්න.

03. විදෙස් චිත්‍ර ශිල්පියා හින්දා තමා සයිබර් යායට පොඩි වෙනස් කමක් ලැබුනෙ. පොර එදා දවසට අදාල කතාව කියෝලා පටස් ගාලා මවුස් එකෙන් බලිකුරුට්ටක් ඇදලා ලියමනට පොඩි ගතියක් අරං දෙනවා. ඔය විදෙස් චිත්‍ර ශිල්පියා මේ වෙද්දි සෑහෙන චිත්‍ර ගණනක් ඇදලා තියෙනවා. සයිබර් යායටයි, මගේ යාලුවොන්ටයි.

04. ටිකිරි තමා සයිබර් යායට ගත්තු අන්තිම එක්කෙනා. ලියන්නෙ අමුතු ඒවා. ගොඩක් ඒවා මගෙන්ම හොරා ගත්තුවා. මෙයා කෙහෙල්කො‍ටුවෙ චූටිමහත්තයගේ වයසෙ උනාට ජීවත්වෙන්නෙ වර්තමාන කාලෙ. ඒ කාලෙ වගේ නෙමෙයි කොම්පියු‍ටර්, සයිබර් ගේම්ස්, තීම් පාක් වල නාඩගම්, ඇනිමේෂන් ෆිල්ම් වගේ දේවල් වලට‍ තමා මෙයාගෙ හිත.

“රොබින් හුඩ්“ වෙනුවට “ස්පයිඩ මෑන්“, “හා හා හරි හාවා“ වෙනුවට “සොනික්“, “ගලිවර්ගේ සුවිසැරිය“ වෙනුවට “ස්කූබි ඩූ“ තමා එයාගේ මිත්‍රයො.

අනික තමා මිනිහගෙ කෑම බීම. පොරගෙ කෑමක් ම තමා මේ පෝස්ට් පරක්කුවටත් හේතුව.

මිනිහා ටික දවසක ඉදං බිත්තර කන්ඩ පුදුම ආසයි. මටත් මොකෝ. බිත්තරයක් ඕන්නං රු 12/- ක් වෙයි වැඩිම උනොත්. යෝගට් එකක් අරං දෙනවට වඩා ඒක ලාබයිනේ.

මමත් වැඩර් වගේ මිනිහත් එක්ක කඩේ ගිය වෙලාවක මොන බිත්තරයක්ද ඕන කියලා ඇහැව්වා.

මිනිහා කියපි කින්ඩ බිත්තරයක් කියලා.

"මොන බිත්තරයක්!" මං මෙච්චර කාලෙකට දැනං හිටියෙ ගම් බිත්තරයි, පාං බිත්තරයි විතරයි.

කින්ඩ බිත්තරේ ගාන දැක්කම මගේ ඔලුවෙන් කොම්බු පැන්නා.

ගම් බිත්තර 1ක් - රු. 12.00/-
පාං බිත්තර 1ක් - රු. 11.50/-
කින්ඩ බිත්තර -1ක් - රු. 100.00/-

කොහොමද වැඩේ! මේ තියෙන්නෙ කින්ඩ බිත්තර


මෙහෙම ගියොත් ටිකිරි ලව්වා පෝස්ට් ලියා ගත්තා වගේ නෙමේ. මගේ හැඹිලියටයි හොද නැත්තෙ. ඒක හින්දා වහාම අගෝස්තුවෙ ශිෂ්‍යත්වෙ ඉවර වෙනකං කියලා මං මිනිහව ඒ ගොල්ලංගෙ මහ ගෙදර පිටත් කලා. ඒක හින්දා ටිකිරිගෙ පෝස්ට් නැති උනා.

චුටිමහත්තයා ලියපු කතාවක් ගේන්න නං වර්ෂ 1988 ට යන්න එපැයි. මේ දවස් වල වැඩ වැඩි කමටයි, ඔය කින්ඩ බිත්තරේ ගැන හිතන්නයි ගිහිල්ලා මගේ අතීතයට යන ටයිම් මැසිමෙත් ටයිම් ඇනේ ගැලවිලා මං හිතන්නෙ. නැත්තං චුටි මහත්තයගේ කතාවක් හරි දාන්ඩ තිබ්බා ඔය අල්ලපනල්ලෙ.

“මගේ කතා“
කියන කැටගරියට දාන්න නං විශේෂ දෙයක් සිද්ධ උන්නැ පහුගිය ටිකේ. ගිය සෙනසුරදා ඡන්දෙ තිබ්බා. හැමදාම වගේ කතිරෙ ගැහුවත් නොගැහැව්වත් අපි පරාදයිනෙ. ආය ඕකෙ විශේෂ කරලා ලියන්න දෙයක් තියෙන එකක් යැ.

ඉතිං කතා නැතුව විදෙස් සිත්තරාටත් වැඩක් නැතිව ගියා.

ඔන්න ඕකයි සයිබර් යායේ පෝස්ට් එක පාර නැවතුනේ. නැතුව අර තට්ටරාල කියනවා වගේ රයිටර්ස් බ්ලොක් වගේ ඔලුවේ අමාරුවක් එහෙමනං මට හැදුන්නැ හොදේ...!

අනික මේක කියෝලා මේවනං පට්ටපල් බොරු කියලා හිතෙන මොලේ අමාරු කාරයෙ ඉන්නවනං වහාම හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා ගාවට ගිහිං ඔලුවේ අමාරුවට බේතක් ගත්තට මට කමක් නෑ. ඕන්නං ටැලිපෝන් නම්බරේ තියෙනවා මා ගාව.

ඒ මොනා උනත් ඌගුල්ලං තමා අනේ මගේ සක්තිය. ඒක හින්දා තරහා නොවී කොමෙන්ට් එකක් දාන්න හොදේ....!

ප/ලි-
මං කතා නොලිව්වට මොකද තව කොච්චර කට්ටිය කොච්චර දේවල් ලියලා තිබුනද නේද?

විශේෂ දේකට තියෙන්නෙ ඕනයා ෆිල්ම් එකක් ගැන ලියන්න ගිහිං හැමදාව වගේ අනාගෙන තිබ්බ එක තමා. දන්න සිංහලෙන් නොලියා ඉංගිරිස් වලින් ලියන්න ගිහිං එක තැනක බල්ලා කියලා ලියලා, ඒක ඔබා මාමා පෙන්නලා දීලා තිබුනා.

ප/ප/ලි-
අනිත් දවසේ මම කියන්න යන්නෙ කුරුලු හමුදාවේ හිටපු අති විශේෂ සුපිරි සෙබලු 50 දෙනා ගැන. එයින් දෙන්නෙක් FBI එකේ වැඩකලා කියලා ඕගොල්ල කවදාවත් අහලා තිබුනද?

...................................................................

Related Posts Plugin for WordPress, Blogger...